සොබාව සෞන්දර්යයෙන් පිරිච්ච තැනක් තමා හිරිකටු ඔය කියන්නෙ.පවුලේ අයත් එක්ක යාලුවො එක්ක ඇවිත් නිදහසේ කාලය ගතකරන්න පුලුවන් තැනක් තමා මෙතන.
රත්නපුරේ පහුකරගෙන පැල්මඩුල්ල හරහා බෙලිහුල් ඔයට ඇවිත් තමා හිරිකටු ඔයට යන්න ඕන..
රත්නපුරේ පහුකරගෙන පැල්මඩුල්ල හරහා බෙලිහුල් ඔයට ඇවිත් තමා හිරිකටු ඔයට යන්න ඕන..
බෙලිහුල් ඔයෙන් වමට හැරිලා නන් පේරියල් වතුයායට යන පාරෙ තමා මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නෙ.
බෙලිහුල් ඔය ඉදන්ම කිලෝමීටර් පහක් වගේ තමා මෙතනට දුර තියෙන්නෙ. ගූගල් මැප් එකේ Hirikatu Oya Outdoor Bath කියල හෙව්වොත් ඔයාලට මේ තැන කිසිම අපහසුවකින් තොරව හොයා ගන්න පුලුවන්.
බෙලිහුල් ඔය ඉදන්ම කිලෝමීටර් පහක් වගේ තමා මෙතනට දුර තියෙන්නෙ. ගූගල් මැප් එකේ Hirikatu Oya Outdoor Bath කියල හෙව්වොත් ඔයාලට මේ තැන කිසිම අපහසුවකින් තොරව හොයා ගන්න පුලුවන්.
නන් පේරියල් වතු යාය කියන්නෙත් ලස්සන පරිසරයක් තියෙන ප්රදෙශයක්. ඔයාල ලෝකාන්තෙට ගිහින් පහල බැලුවම පේන්නෙ මේ නන්පේරියල් වතු යාය තමයි.
පහු ගිය දවස් වල ඔයාල හොයපු බේකර්ස් බෙන්ඩ් එකත් තියෙන්නෙ මේ පාරෙ උඩට යද්දි...
පහු ගිය දවස් වල ඔයාල හොයපු බේකර්ස් බෙන්ඩ් එකත් තියෙන්නෙ මේ පාරෙ උඩට යද්දි...
ඇත්තටම මාරම ලස්සන පරිසරයක් තමා මෙහෙ තියෙන්නෙ.. ඒ වගේම නිවාඩුවකට කියාපු දේශගුණය...
මන් හිතෙන්නෙ අනිවාර්යයෙන්ම මේක ඔයාලට වෙනස්ම අද්දැකීමක් වෙයි.
මොකද, මෙතනට ආවම ටෙලිෆෝන් සිග්නල් එහෙමත් ටිකක් අඩුයි. ජෙනරේටරේකින් තමා විදුලි සැපයුම ලබා දෙන්නෙ. ඒකට අවශ්ය පෙට්රල් අපි අරන් යන්න ඕන. නවතින්න තියෙන්නෙ කූඩාරම් රෙද්දෙන් හදපු නවාතැනක. තමන්ගෙ අවශ්යතාව අනුව, එන පිරිසේ ප්රමානය අනුව ඒක වෙන් කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට හතර දෙනෙක්ට, හය දෙනෙක් ට ඒ වගේම දහ දෙනෙක්ට වගේ තෝරගන්න පුලුවන්. කෑම උයන්න වගේම මේ තැන බලාගන්න කෙනෙක් ඉන්නවා. අපි බඩු අරන් ගියාම අපිට ඕන විදියට කෑම ටික හදාගන්න පුලුවන් ඒ කෙනාට කියල.
නිකමට හිතල බලන්න අපි ජීවත් වෙන කොන්ක්රීට් ලොකෙන් ඈත් වෙලා, ඒ වගේම නිදහසක් නැති කලබලකාරී පරිසරයෙන් ඈත් වෙලා දුරකථනයෙන් නිදහසක් ලබල සීතල පරිසරයක සීතල දොල පාරක් අයිනක කූඩාරමක රැයක් ගත කරනව කියන එක.....
ඒ වගේම මේ තැන වනජීවි එක යටතෙ තමා තියෙන්නෙ.. කලින් වෙන් කරන් යන්නත් පුලුවන්.. ලින්ක් එක පහල දාල තියෙනවා ....
ඒ වගේම මෙතන වනජීවි එකෙන් පාලනය කරන නිසා නීති රීති කිහිපයකුත් තියෙනව..
ඒ ගැනත් අමතක කරන්න එපා හොදද..🚫
ඉතින් මෙහි සුන්දරත්වය විදින ගමන් පරිසරය ආරක්ශා කරගන්නත් අමතක කරන්න එපා හොදද....🌳🌿
ඉතින් මේ තැනේ සුන්දරත්වය විදල ඒ අත්දැකීම කොහොමද කියල අපිට කියන්න අමතක කරන්න එපා හොදද..😇

0 Comments