සශ්රීකව වැඩුණු කුඹුරු යායක් මධ්යයේ, කොත්මලේ මිටියාවතේ පිහිටි මොණර කන්දට පහළින් ගලා යන අපූරු ස්වාභාවික දිය පහරක් යොදා ගනිමින් ශෛලමය රණමුනේ පිහිල්ල සාදා තිබේ. ඒ අසලම අලංකාරවත් අම්බලමක් ද තනා තිබේ.
දුටුගැමුණු කුමරු කොත්මලේ සිටි සමයේ දිය නෑ පිහිලි තුනක් පිළිබදව මතයක් පවතී.. නා ගසක් යට පිහිටි නා ගහ පීල්ල, අඹ ගසක් යට පිහිටි අඹ ගහ පීල්ල හා රණමුනේ පිහිල්ලයි. මේ පිළිබදව පී.බී.කෙහෙල්ගමුව මහතාද අදහස් දක්වා තිබේ.
රන් අමුණ > රණමුනේ බවට පත්වන්නට ඇතැයි කියවේ. අමුණක් යනු අතීත මිණුම් දණඩකි. මෙය භූමිය වගා කිරීමේදීත් ප්රමාණය කියාපෑම සදහා භාවිතා කර තිබේ.
අලංකාරවත් කුඹුරු යායකි. මාර්ගයෙන් පහලට වන්නට කමත් සහිත කුඹුරු යායකි. මේ දිනවල අස්වැන්න නෙලනු ලබයි.
කද කුමරුන් පෙම් කෙළි ස්ථානයක් ලෙස සැලකෙන පසුකාලීනව් කතරගම දේවාලයක් තැනූ ඓතිහාසික මොරපේ දේවාලය ද මීට මදක් නුදුරෙන් පිහිටයි..වාර්ෂික පෙරහැර අවසානයේ දිය කපනු ලබන්නේ රණමුනේ පිහිල්ලෙනි.
පිහිටීම
උතුරු අක්ෂාංශ 07°04´14´´ හා නැගෙනහිර දේශාංශ 80°38´15´´ වේ.
මාර්ගය
1. මහනුවර > ගම්පොළ > උලපනේ හන්දිය > කොත්මලේ වේල්ල > වේල්ල පසු කර තවලන්තැන්න මාර්ගයේ 6.6 කි.මී. දුර ගිය විට පාරේ වම් පසින් දැන්වීම් පුවරුව හමුවේ. එතැන් සිට මීටර් 250ක් කුඹුරු යාය මැදින් යා යුතුවේ.
2. නුවරඑළිය දෙසින් එන්නේ නම් > තවලන්තැන්න > කොත්මලේ > කොත්මලේ වේල්ල දෙසට පැමිණීමෙන් ද ළගා විය හැක.
අලංකාර පරිසරයකි. සාම්ප්රදායික ලක්ෂණයන් දක්නට ලැබේ. පිහිල්ලෙන් දිය නාගත හැක. අපවිත්ර නොකිරීම වැදගත් දෙයකි.