කොළඹ ඉදන් තනි දවසෙ ගමනකට වව්ල්ගල ඕලු ඇල්ල සහ ලක්ෂපාන ඇල්ල !
ලක්ෂපාන ඇල්ල (Lakshapana Ella)
අවිස්සාවේල්ල - නුවරඑළිය පාරෙ කිතුල්ගල පහුකරල ටික දුරක් යනකොට හම්බුවෙන කලුගල හංදියෙන් හැරිල කි.මී.20ක් වගේ ගියාම ලක්ෂපාන ඇල්ල බලන්න බහින්න ඕන තැන හම්බවෙනවා. එතනින් පහළට යන්නෙ නැතුව ප්‍රධාන පාර දිගේ තවත් මීටර් 500ක් වගේ ගියාම දකුණු පැත්තෙ "ජයබිම වත්ත" කියල ගහපු බෝඩ් එකක් හම්බවෙනවා.එතන ඉස්සරහ වම් පැත්තෙ තියෙන අඩිපාර දිගේ තවත් මීටර් 200ක් විතර පහළට බැස්සම ලක්ශපාන ඇල්ල උඩට ලගාවෙන්න පුලුවන්.ඇල්ල උඩදී ගොඩක් පරිස්සමින් කටයුතු කරන්න ඕනෙ.උඩ වතුර පාරට අහුවෙලා ලිස්සුනොත් එහෙම ඇල්ල පල්ලෙහාටම වැටිල තමා නතර වෙන්නෙ.ඇල්ල පහළ ඉදන් ඇල්ල බලනවා වගේම ඇල්ල උඩ ඉදන් පහළ බලන එකත් ගොඩක් සුන්දර අත්දැකීමක්.
ඕලු ඇල්ල (Olu Ella)
වවුලුගල. මේකට අක්කර 52 එහෙම නැත්තම් දොඹේපොල ගල උඩ හේන කියලත් කියනව..මෙහි විශේෂත්වය තමයි අංශක 360 ක දර්ශනයක් සහිතව අවට කඳු බලන්න පුලුවන් විශාල තැනිතලාවක් වීම..
මේක තියෙන්නෙ
යටියන්තොට - සීපෝත් පාරෙ අමනාවල කියන ප්රදේශයෙ
යටියන්තොට - සීපෝත් පාරෙ අමනාවල කියන ප්රදේශයෙ
එන්න තියෙන පාරවල් තමා
1.දේදුගල,රන්ගල පැත්තෙන් කලුපහනවත්ත හරහා එන ඕෆ්රෝඩ් පාරකින් කන්ද උඩටම එන්න පුලුවන්...හැබැයි පාර කැලේට ගිහින්
2.අමනාවලින් එන පාර තමා අනිත් එක.මේ පැත්තෙන් යන්න පුලුවන් මාර්ග දෙකක් තියෙනව හැබැයි .එකක් තමයි යටියන්තොට ඉඳන් එනකොට ඕලු ඇල්ල පාස් කරල ඉදිරිටට යනකොට හමුවෙන සිද්ද පත්තිනි දේවාලයට ටිකක් එහායින් වමට හැරිල යන පාර අනික තමයි ඕලු ඇල්ලට කි.මි. දෙකක් විතර කලින් හමුවන පේරගස් හංදියෙන් වමට හැරිල ගිහින් දොඹේපොල කනිෂ්ඨ විද්යාලය ගාවින් වමට උඩහට තියෙන පාර.ටුක් එකකින් ටිකක් දුර යන්න පුලුවන් .350/400 විතර ගන්නව.අපි ගියෙත් මේකෙන් තමා

ගමන් මාර්ගය
අවිස්සවේල්ල ,යටියන්තොටට ,මලල්පොල,අමනාවෙල,පේරගස් හන්දිය වව්ලගල
අවිස්සවේල්ල ,යටියන්තොටට ,මලල්පොල,අමනාවෙල,පේරගස් හන්දිය වව්ලගල
උඩටම ගියාම 360° ක හොද වීව් එකක් තියෙනව.හැබැයි මීදුම් නැති පැහැදිලි දවසක් වෙන්න ඕනෙ.අපි ගිය දවසෙනම් මේ දවස් ටිකේ තියෙන දුම හින්ද පොඩ්ඩක් විතර අව්ල්.උඩ තියෙන තැනිතලාවේ තියෙන්නෙ මාන වගේ තෘණ පදුරු බහුලව තියෙන භූමියක්.මෙතනට පැහැදිලි දවසක ඔබට දේදුගල,දොලොස්බාගෙ කඳු, , නකල්ස් කඳු පංති,අම්පානගල වැනි කදු පමනක් නොව ඕලු ඇල්ලේ සම්පූර්ණ දරශනයක්ද බලන්න පුලුවන්.වැස්ස දවක යනවනම් අකුණු වලින් පරිස්සම් වෙන්න ඕනෙ.නිතරම අකුණු වදින තැනක් .
මේකට එනවනම් තව බලන්න පුලුවන් තැන් තමා ලන්කාවෙ පස්වෙනියට උසම(200m) ඕලු ඇල්ලයි ලන්කාවෙ දැනට භාවිතා කරන දිගම ලෑලි පාලම ,ගොරකඇල්ල ,වී ඔය ඇල්ල ,මලල්පොල ඇල්ල ,වේවැල්තලාව,අම්පාන කන්ද,(itn ටවර් තියෙන තැන),හල්ගොල්ල තේ ෆැක්ට්ර්ය වගේ තැන් බලාගන්න පුලුවන්.
📸 Ishanka Rajapaksha

0 Comments