වංගෙඩිගල වනමැද කොටියාට බියෙන් කඳවුරු රාත්රියක් 🍃🌌
ස්වභාධර්මය සමග හුදකලා වීම තරම් සැපයක් මනසට නොවන්නේය එබැවින් මම හුදකලාවේ ස්වභාධර්මයට පෙම් බඳින්නේක් වෙමි.⛰️🍃💚
නිතරම වගේ දුර ගමනක් යද්දී නෙත ගැටෙන උස කඳු පන්ති දිහා බලලා ‘’අර කන්ද උඩම තැනට නැගලා පල්ලෙහාට බලන්න තිබුන නම්... , මෙතනට යන්න පාරක් ඇත්ද, මීට කලින් මේ කන්දට මිනිස්සු ගිහින් නැද්ද ,මේකට නම් නගින්න වෙන්නේ කඹ දාගෙන” සෑම දුර ගමනක දීම ඔන්න ඔය වගේ ප්රශ්න නිතරම වගේ මගේ හිතට පැන නැගුන ඒ ප්රශ්නවලට ඒ ආසාවට පිළිතුරු ලැබෙන්න මෑතකදී ඉදන් පටන් අරන්
මේ අපේ කඳු නගින ජීවිතේ දෙවන දිග හැරීමයි
මාස ගානක ප්ලෑන් එකකින් පසුව ප්රියංකර අයියා නොහොත් priya , දිනේෂ් නොහොත් කොළයා , නවීන් - නාරද , දනුක ලේකම්තුමා අපේ අලුත් සාමාජිකයා vihanga මල්ලි සහ මේක ලියන මම කැලුම් ඌ හොඳ එකා😁
2020 තුන්වෙනි මාසෙ දෙවැනි දින පාන්දර 5.35 ට අහුන්ගල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය නැග උදෑසන 8ට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයට අප ගිය දුම්රිය ළඟා විය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දෙවන පන්තියේ ඔහිය දුම්රිය ස්ථානයට ප්රවේශපත්ර ගෙන( දුම්රිය ප්රවේශ පත්ර ඔහියට ලබා ගත්තට අප හට දී තිබුණේ දියතලාව දුම්රිය ස්ථානයටයි) අප ගමන යන බදුලු දුම්රිය 8.30 පමණ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වූයේය. දුම්රියට නැග ගත් අප සියලු දෙනා ආසනවල වාඩිවී මුලින්ම දුම්රිය තුළ සියලු දෙනාම සිටින සෙල්ෆියක් ගෙන ඔහොම දුම්රිය කඩුගන්නාව කන්ද පසුකර යන විට දකුණු පැත්තට වෙන්න විමසිල්ලෙන් බැලූ විට #bible_Rock-බතලේගල කන්ද දර්ශනය වෙයි තවද ගම්පොල දුම්රියස්ථානය පසුකර යන විට ද අම්බුලුවා විහාරයේ එහි අලංකාර කුළුණ මනාලෙස නෙත ගැටෙයි ඔන්න ඔහොම දුම්රිය වටවල, රොසැල්ල, හැටන් කොටගල තලවකැලේ දුම්රිය ස්ථාන ළඟාවෙනවාත් එක්කම දුම්රිය වාඩිවී සිටි විදේශික සංචාරකයින් හරිම උද්යෝගිමත්ව දුම්රියේ කවුළු,දොරටු අසල නවාතැන් ගැනීමට ඇලුම් කළේ ඒ ඔවුන් අප රටේ කොළඹ බදුලු දුම්රිය මාර්ගය අවට ඇති සුන්දර සොබාසෞන්දර්ය විඳගැනීමටය ඔය අතරේ ඡායාරූප ගැනීමට මා කැමරා බෑගයෙන් කැමරාව ද ගෙන ඡායාරූප ලබාගත්තේය. එවිට අපේ අයද උද්යෝගිමත්ව මාගේ කැමරාවෙන් ද ඡායාරූප ලබාගත්තේ ,තවද විදේශිකයින් ද අපගේ ඡායාරූප ,ඔවුන්ගේ කැමරා කාචවල සටහන් කරගත්තේය. ඔයා අතර අහම්බෙන් ලබාගත් විදේශීය කාන්තාවකගේ ඡායාරූපයක් ඉතාමත් අලංකාර ලෙස මගේ කැමරාවේ සටහන් වී තිබුණි දුම්රිය ගමනේ ,තේ ගෙන යන අයියගෙන් සවස දෙකට පමණ තේ ,මාලුපාන් වලින් දවල් ආහාරයට සඳහා සප්පායම් වුණි ඔය අතර ඔහු සමෝස ද රැගෙන පැමිණියේය, සමෝස කිව්වොත් ඉතින්, ම්...... කට්ටියම සමෝස මිලදී ගෙන අපගේ දිනේෂ් සහෝදරයා-කොළයා, අයියගෙන්" සමෝසා ගොඩක් ගත්තම එකක් නොමිලේ නැද්ද" ඔහු අව්යාජව සිනහවි නැවත නොමිලේම සමොසා ලබාදී අප සමඟ සුහද කතා බහක නියැලී ඔහු සමග සෙල්ෆි ඡායාරූපයක් ද ගෙන ඔහුට සමුදී ය. ඔහොම දුම්රිය ගමන ග්රේට් වෙස්ටර්න් නානුඔය අඹේවෙල පට්ටිපොළ පසුකර එනවිට මා නැවත google maps පරීක්ෂාකිරීමේදී ඔහිය සිට කළුපහනට ඇති දුරට වඩා ,හපුතලේ සිට කළුපහනට ඇති දුර ඉතා අඩුය. එම නිසා හපුතලේ දුම්රිය ස්ථානයෙන් අපගේ දුම්රිය ගමනාන්තය කිරීමට සියලු දෙනා සාකච්ඡාකොට තීරණය කරගත්තේය( අපගේ පෙර තීරණය වූයේ ඔහුය දුම්රිය ස්ථානයයි) ටික වෙලාවකින් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන ලගාවෙනවාත් සමගම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ඝන මීදුමින් වසාගෙන තිබුණේය කොහොම කොහොම හරි හපුතලේ දුම්රිය ස්ථානයෙන් බැස අප හා දුම්රියට සමුදී ඒ වන විට සවස පහේ හෝරාව පසුවී තිබුණි. හපුතලේ දුම්රිය ස්ථානයෙන් ගෙනා වතුර බෝතල් පුරවාගෙන දුම්රිය ස්ථානයේ ඡායාරූප ද ගෙන හපුතලේ නගරය වෙත පැමිණ නගරයෙන් අපගේ දින දෙකකට සෑහෙන පාන් ගෙඩි හතරක් ජෑම් බටර් මිලදී ගෙන (නූල්ඩස් පැකට් 24ක් අප ගෙදරින්ම රැගෙන ආවේය) හපුතලේ නගරයෙන් වැන් රථ රියදුරු මහතෙකු සමග කළුපහනට යන්න කතා කරගෙන වෑන් රථයේ කළුපහන හංදියට පැමිණ කලුපහන-බඹරකන්ද ඇල්ල මාර්ගයේ පැමිණියේ,
මාර්ගය පටන් ගන්නා ස්ථානයේ තිබූ බුදු මැදුර වැද ආශිර්වාදය ලබාගෙනය, ඒ වන විට රාත්රී හය පසුවී තිබුණි .මෙම මාර්ගය ඉතාමත් කළුවර බැවින් අප ගෙනා විදුලි ආලෝක දල්වාගෙන ගමන් ගත්තේය අපට මුණගැසුණු ත්රීවිල් මාමගෙන් පාර අසාගෙන කලුවරේම අමාරුවෙන් පාරේ ඉහළට ගමන් ගත්තේය. ඒ අවට ඇති නිවෙස්වලින් ද මාර්ගය හරිහැටි අහගෙන ඉදිරියට ගියේ රාත්‍රියේ අපි අතරමං නොවීම සඳහා ය.
ඔයා අතර අපට සුපුරුදු පරිදි සුනඛ යාලුවෙක් අපගේ ගමනට එක්විය පාරේ අවට සිටි අනෙක් සුනඛයින්ගෙන් අපගේ සුනඛයාට වන අඩන්තේට්ටම් වලින් ආරක්ෂා කරගෙන ඔහු අප සමග ගමන් කරන්නට විය ඔහොම ඔහොම කලුවරේම තාරපාර දිගේ කට්ටියම සිංදු කෑලි මුමුණ මුමුණ, අපට පෙර හමුවූ ත්‍රීවීලර් අංකල් කියූ පරිදි පෙට්ටි කඩේ හමුවී එතනින් වංගුව සමග වමට ඇති කොන්ක්රීට් පඩිපෙළ දිගේ පහළට බැස්සේය.
ඒ වන විට රාත්රී 7.30 පසුවී තිබුණි ඒ වන විටත් සුනඛ යාළුවා අප සමගය අපට ඔය අතරමග හමුවූ ගම්වාසියකු
“ #බල්ලත් එක්ක යන්න එපා මේ රෑ, කන්දේ කොටියා ඉන්නවා” කියලා ප්රකාශ කළේය ඒ අවස්ථාවේ අප සියලු දෙනාටම චකිතයක් හිතේ ඇතිවිය කොහොමහරි බල්ලාව මගහැරීමට තීරණය කරගත් අපි, අප ගෙන ආ පාන් කෑලි කන්න දී, අප පහළට බැස්සේ දොළ පාර හරහා වැටී ඇති කැඩිච්ච පාලම අසලට ය.
ඒ වනවිටත් නැවතත් අප පසුපස සුනඛයා යහලුවා පැමිණෙන්නට විය අප ඔහුව එලවා නැවත දොළ පාර හරහා ගමන ආරම්භ කළේ, ඝන කැලයක් මැද්දට වන්නට ය. කුඩා වගුරුබිම පසුකරගෙන වනයට පිවිස ,විදුලි ආලෝකයෙන් කුඩා අඩි පාර ඔස්සේ කන්ද නැග්ගේ ය.
ඒ වන විට රාත්රී 8.35 පමණ විය, නැවතත් සුනඛයා අපගේ පසුපසට ටිකක් එපිටට වෙන්න පැමිණේ ,ඔහුව නැවතත් එළවා ගමන ආරම්භ කළේ සියලුම දෙනාම හිතේ චකිතයකින්ය මොකද ,ගැමියා ප්රකාශ කරපු ආකාරයට මේ කැලේ කොටියකු සිටීමට ඉඩකඩ ඇති බව අපට ද සිතුණු නිසාවෙනි අප සුනඛ යාළුවාව එල්වූයේ ,ඔහුට කොටියාගෙන් ප්රහාරයක් ලැබේයැයි බලාපොරොත්තුවෙන් සහ එම ප්රහාරය අපට ද ලැබේයැයි චකිතයකිනි, ඒ හේතුවෙන් නිතරම වාගේ අපගෙන ගිය විදුලි පන්දම් අප අවට සිදුවන කුඩා ශබ්ද වෙත එල්ල කර ඉතාමත් විමසිලිමත්ව මහා අඳුරු කැලේ මැදින් රාත්රියේම ගමන් කළේය. ඔයා අතර අප අා මාර්ගය අවසන් වූවා වාගේ, මාර්ගයක් සොයා ගන්නට බැරි වුණි ගල් වලින් වට වෙච්ච පරිසරයකි කොහොම හරි අපට රාත්රිය ගමන යාමට බැරි බව දැනගත් සියළුම දෙනා ඒ අවට ,අප එම රාත්රිය පහන් වන තුරු රැඳී සිටීමට ස්ථානයක් සෙවීය .අවට ගල් සහිත පොළොවක් වූ බැවින් කූඩාරම අටවා ගැනීමට නොහැකි විය කොහොමහරි ඒ අසල තිබූ තරමක් ඉඩ ඇති පහලට බැස්මක් සහිත ගල උඩ කුඩාරම් දෙකම කොහොමහරි අටවාගෙන රාත්රියේ ආහාර ගෙන දිනේෂ් නවීන් විහඟ මල්ලි රාත්රි 11.00 සිට 2.30 දක්වා ගිනිමැලය හා කුඩාරම අවට විමසිල්ලෙන් රාත්රිය ගත කෙරිණි
ප්රියා අයියා දනුක මම අනෙක් කූඩාරමෙ සිටියේය, ගල පහළට බැස්මක් සහිත බැවින් නිදාගන්න ඇල වුණත් ටිකකින් කූඩාරම ඇතුළේම පහලට රූටලා පැමිණේ. මා හට නින්ද නොගිය ඒ හේතුවෙනි ,මාද කූඩාරම ඇතුලට වී ඇහැරගෙන සිටියේය. නිතර වාගේ ඇසෙන කුඩා ශබ්ද වලට සංවේදී වූ දිනේෂ් හා විහඟ මල්ලි විදුලි පන්දම් රැගෙන කූඩාරමෙන් එළියට ආවේ හිතේ ඇති චකිතය හා බිය නිසාවෙනි ඒ වන විටද මා කූඩාරමට වී ඇහැරගෙන සිටියේය නිතරම වාගේ අපි අා පාර පහළට වන්නට අප සමග පැමිණි බල්ලාගේ බුරන ශබ්ද රාත්රී 1.00 ට පමණ ඇසෙන්නට විය ඒ වෙනවිටත් වගේ ගිනිමැල ආරක්ෂා කරගෙන, අපගෙන ගිය විදුලි ආලෝක පන්දම ගසක එල්ලාගෙන දිනේෂ්, විහඟ මල්ලි රැය පහන් කළේ ය .මම priya ධනුක අප හට අලුයම 2.30 සිට අඳුර පහව යන තුරුම සිටීමට ඇති නිසා මා හට එකට පමණ නින්ද යන්නට විය.
'' මල්ලි මල්ලි දැන් හරි දැන් ඔයාලගේ වාරේ’’ කියලා දිනේෂ් අපව ඇහැරන්නට විය ඒ වන විට 2.30 ට පමණය ධනුක සමඟ කූඩාරමෙන් පැමිණ ;( නවීන් රාජකාරිය පැහැර හරින්නට විය) මා සමඟ ධනුක අලුයම 2.30 සිට 3.30 දක්වා විමසිල්ලෙන් ගිනිමැලය අසල ඇහැර ගෙන සිටියේය ඒ වන විටත් විටින් විට අප සමග පැමිණි බල්ලාගේ බුරන ශබ්ද එපිටින් ඇසෙන්නට විය අප දෙදෙනා ටිකකින් පසුව කූඩාරම තුළට ගියේ සීතල වැඩිවන නිසා වෙනි ධනුකට නින්දට යන්නට විය ,මා කූඩාරම තුළට වී තනිව ඇහැරගෙන අවටින් ඇසෙන සියලුම ශබ්දවලට සූක්ෂම ලෙස සවන් දී සිටියේ පෙරකී කොටියාට ඇති බිය නිසා වෙනි 4ට පමණ ප්රියා අයියා අවදිවිය ; මල්ලි ගිනිමැලේ ගිනි අඩුයි; කියාගෙන අප එළියට පැමිණ priya විදුලි පන්දම එල්ල කරගෙන සිටියේ මා දර සොයන පැත්තට වන්නටය ඒවනවිටත් ඇසෙන කුඩා සද්ද ගස්වලින් වැටෙන කෝටු ඒ වගේ දේවල් නිසා දර හොයන එක නවත්තලා කන් දීගෙන ඉන්නවා ,කොහොම හරි ඉර එළිය වැටෙනකන් ගිනිමැලේ පත්තු කරන් ඉන්න පුලුවන් තරමට සෑහෙන්න දර හොයාගෙන ගිනිමැලේ ගින්දර තවත් වැඩි කලේ රස්නෙ වැඩි කරගන්න ඕන නිසාවෙනි නිතරම වගේ ගිනිමැලේ අවට කොළ රොඩු ඉවත් කළේ ගිනිමැලේ ගින්න පිටතට යන්න නොදෙන්නටය ටික වෙලාවකින් ඉතාමත් අමුතු ශබ්දයක් අපි දෙන්නාටම අසුනෙහි, අප කූඩාරම් දෙකම අටහාගත නොහැකි ඒත් කොහොමහරි අටවාගත් ගලට ඉහළින් ඇති කන්ද දිසාවෙනි දෙදෙනාම මූණට මූණ බලා ගත් අපි ටොච් එම දිසාවෙ කොනක සිට ආලෝකමත් කර හොඳින් ටික වෙලාවක් එක එල්ලේ බලා සිටියේය කිසිම දෙයක් දක්නට නොලැබුණි කොහොමහරි දෙදෙනාම එළිවෙනකං ඇහැරන් සිටියෙමු.
එන්න එන්න හිරු එළිය ලාවට අප සිටින කැලේ තුළට එන්නට විය අපගේ කණ්ඩායමේ එක එක්කෙනා අවදිවිය මා දිනේෂ්ගේ දුරකථනය ගෙන හිරු එළිය එන time-lapse එකක් tripod කර වීඩියෝ ගතවන්නට තබා, රාත්රියේ සිදුවු එක එක සිද්ධි සිනාමුසු මුහුණින් කතාබහට ලක්විය, සියලුදෙනාම මුළු රාත්රියම බියගුල්ලන් වි ඉඳ රෑ පහන් වූ පසු හැමදෙනාම ඉතාමත් ප්රීතියෙන් එකිනෙකාට විහිළු තහළු කර ගත්තේ ඒ රාත්රිය ඒ තරමට අප විඳි නිසාය ඔය අතරතුරේදි සුනඛ යහළුවා අප සිටි තැනට පහළ ඉඳන් ආවෙ අපේ හිතට සතුටක් ඇතිකරමිනි කෝමහරි අපේ වතුර අවසන් වූ නිසා විහඟ මල්ලි දිනේෂ් මම ධනුක නැවත අප සිටි තැන සිට අප රාත්රී ආ දොළපාර වෙත ආවේ හිස් වතුර බෝතල් හා උදේම දත් මැද නා ගෙන ඒමටය .
කැලේ මැදින් පහළට පැමිණෙන අපට දිය ඇල්ලක්, එහා කන්දෙන් පෙනෙන්නට විය මා විහග මල්ලිට පැවසුවේ මේ බඹරකන්ද දිය ඇල්ල වෙන්න ඕනෑ යෑයි කියාය මොකද අප රාත්රියේ පැමිණි නිසා කිසිම දෙයක් දක්නට නොලැබුණි දොල පාර අසලට ආවේ" ඒ බං අපි ඇවිත් තියෙන්නෙ හරි පාරේ යයි කියාගෙන
කැඩිච්ච පාලමට ඉහළින් වතුර පුරවාගෙන පසුව,
ඉතිං කඳවුරු ජීවිතවල ටොයිලට් නෑනෙ ඒක නිසා එකිනෙකාගේ අවශ්යතාවයක් සම්පූර්ණ කරගෙන, ධනුක සහ විහඟ මල්ලි පාලම අසල ඉන්නට කියා දිනේෂ් හා ම ගම්මානයට ගියේ තේ කොල හකුරු සහ ලීටර් පහේ වතුර බෝතලයක් රැගෙන ඒමටය හම්බෙන මුල්ම (කෑම ඕඩර් බාරගනු ලැබේ) නිවසින් අපි ඇසුවේය" අපි ඊයේ රැ කැලේ මැද හිටියේ, කොහොමද වංගෙඩිගල කන්ද ට යන්නේ,,
කියා ඔවුන් පැවසුවේ කැලේ මැදින් යන්න පාර ළඟයි අර ලොකු ගහ ගාවින් වමට වෙන්න යන්න කියාය අප දෙදෙනාටම සතුටු හිතුනේ අප රාත්රියේ කලුවරේම කොහොමහරි ගියපාර අපට වැරදුණේ නැති නිසාය තේකොල හකුරු වතුර බෝතලේ රැගෙන දොළ පාරෙන් පුරවා ධනුක විහඟ දිනේෂ් හා මා දොල පාර්න් නා නැවත කන්ද නැග්ගේ priya හා naveen හට අපි එනවිට කූඩාරම හකුලා ගන්න කියා call කිරීමෙන් අනතුරුවය අප නැවත කූඩාරම තිබූ ස්ථානයට පැමිණ සියලුම දෙනා උදය ආහාරය ගෙන පාන් වලට බටර් හා ජෑම් තවරා රැගෙන ආ fresh milk එතනම ඉවර කර නැවත කන්ද නගින්නට ප්රථම මා කැමරාව ගෙන කලින් පිටත් වුනේ සියලුදෙනාගේම random click ටිකක් ගැනීමටය
කොහොමහරි පෙරකී විශාල ගස ළඟට ඒමට විනාඩි පහක්වත් ගත නොවීය සියලූදෙනා ඉදිරියෙන් හා මා පසුපසින් ආවේ මා හට ඡායාරූප ගැනීමේ කාර්යභාරය තිබූ නිසාවෙනි
මද දුරක් ගිය පසු ,(මා පසුපසින් මට ඉදිරියෙන්) ඇසුනේ" බ්රෝලා උඩටද යන්නේ පහළට ද යන්නේ දිනේෂ්ගේ කටහඬ ඇසුනේය මා හට තවත් සතුටට කරුණු ඉතින් මොකද අපි යන මග නිවැරදි නිසාවෙන් අපට හමු වනුයේ හතර දෙනා ගෙන් යුක්ත වූ වංගෙඩිගල කන්ද නගින කණ්ඩායමක්, දැන් දස දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් කන්ද දෙසට කැලේ මැදින් ඇති විශාල ගල් ගොඩ මැදින් ඉහළට ගියේ වෙහෙසකාරීවය, මා හා ධනුක අන්තිමට ගියේ මේ අපි යන මග වැරදි යයි නිතර නිතර පවසමිනි කොහොමහරි ඔවුන්ට ඒ මාර්ගයේ යන්නට දී මා එතනින් වමට වන්නට කැලේට ආවේ වෙනත් මගක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි,
ඒ සිතූ පරිදිම අඩිපාරක් හා කුඩා බටයක් ඒ දිගටම තිබුනේය මා සියලු දෙනාටම පවසා ඒ මඟ ඔස්සේ ආවේ මාර්ගය දිගටම තිබුණ නිසාය දැන්නම් පාර හරියැයි සිතුණු මා පසුපස ආ ධනුකට පැවසූයේ අපි යන මග නිවැරදි කියාය සියලුම දෙනාට පණිවිඩය දී මා ඉදිරියෙන්ම ආවේ වංගෙඩිගල අයිනේ ඇති මාර්ගය ඔස්සේ, ඒ මග වැටුණේ විශාල මාන පඳුරු යායකට එතැන් සිට පයිනස් කැලේ ද බඹරකන්ද දිය ඇල්ල ද දැක්කෙ අපිට තව කෙටි දුරක් යාමට ඇති බව බලාපොරොත්තුවෙනි
එතනින් පසු පයිනස් කැලේ මැදින් කන්ද අමාරුවෙන් නැග පයිනස් කැලේ ට මැදිව උඩ තිබූ ගල් තලාව උඩ, විඩාව පහව යන්නට දී නැවත වංගෙඩිගල කන්ද දෙසට නැග්ගේ කූඩාරම් අටවා දවල් ආහාර ගැනීමට ඇති උවමනා වෙනි.
වංගෙඩිගල කන්ද අප මෙතෙක් මාස ගාණක් තිස්සේ බලාපොරොත්තුවෙන් බඩු ලිස්ට් හදමින්>ධනුක ලේකම්තුමා, මාස්ටර් ප්ලැන් ගහමින් සිටි ස්ථානයට ලගා වන්න කියා දැනුණු සතුට මන්ද මාගේ තොල් මුමුනන්නට වූයේ
" දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පාළුව එබෙනවා "
යන සින්දුවයි කොහොමහරි අවසන් හරිය වෙහෙස කර බැවින් ගීතය මගේ තොල්වලින් පිට වන්නට වූයේ බල්ලෙකු සේ හතිහලමින්ය කන්ද උඩට නැගගත් පසු
වංගෙඩිගල කන්ද ගල් තලාව අසලටය එතැන් සිට වංගෙඩි කන්ද දෙසට යනවිට කඳවුරු භුමි කිහිපයක් හමුවේ ඒවායින් අපේ කඳවුරු ස්ථානය වූයේ තුන්වැනි කෑම්පින් සයිට් එකයි
එතන කූඩාරම් අටවා දවල් ආහාරය නූල්ඩස් ද සෑදුවේ දිනේෂ් කොළයා විසින් ඒ වන විට සවස දෙකට පමණ විය පසුව අපට ජල පෝෂක ප්රදේශයේ සොයා ගැනීමට හැකි වූයේ අපගේ සහෝදර කණ්ඩායම දුන් පණිවිඩයෙනි
එම ජල පෝෂක ප්රදේශය පිහිටා ඇත්තේ iv camping site එක අසලින් පහලට ඇති මාර්ගයෙනි අපගේ රාත්රිය සඳහා ගිනි මොලේට දර සොයාගෙන ,ඒම පෙරකී දොළ පහරින් අප සියලු දෙනා ඇඟපත සෝදා පිරිසිදු වී රාත්රී ආහාරය ද සවස හතට පමණ භුක්ති විඳ ඉන්පසු රාත්රී 9ට පමණ අපගේ අනෙක් සහෝදර කණ්ඩායමද අපේ ගිනිමැලය අසලට වී සතුටු සාමීචියේ යෙදුනේ අපගෙන ගිය j b l එකෙන් ඇසෙන ගීත අපේ මුවින් හීනියට මුමුණමනි පසුව සියලු දෙනා නින්දට ගියත් ධනුක ප්රියා අයියා මාද රාත්රිය 11 වන තෙක්ම වංගෙඩිගල ගල් තලාව අසලට වී සිටියේය එතැන් සිට රාත්රී ඡායාරූපකරණයෙ නියැලෙමින් පසු අප තිදෙනාම කූඩාරම් තුළට වූයේ නිදාගැනීම පිණිස ය එහෙත් අපගේ සුනඛ මිතුරා අපගේ කූඩාරම අවට ඔබ-මොබ ගියේ මා හට සහ දනුකට කුතුහලයක් ඇති කරමිනි අපගේ ටෙන්ට් එක ඉදිරියෙන් සුනඛ මිතුරා බුරබුරා හිටියේ ටෙන්ට් එක පිටුපසට මා හටද ඇසුණු පඳුරු සෙලවෙන ශබ්දයටය වහාම ටෝච් එකත් රැගෙන එළියට ආ ඒ දිශාවට එල්ල කළේ ය. ඒ එන ටිකට ශබ්දය නොමැති වී ගියේය පසුව මා නින්දට ගියේ හෙට පාන්දර අවදි වී ක්ෂීරපථය මාගේ කැමරාවේ සටහන් කරගැනීමට වූ ආසාවෙනි
අළුයම 3.30 ට පමණ දිනේෂ් හා මා අවදිවිය දිනේෂ් ගිනිමැලයේ ගින්දර වැඩි කොට උණු වතුර උණු කළේ අප දෙන්නා නොසෑහෙන්නට ,මා ඒ වන විට tripod එක්ක අටවාගෙන ක්ෂීරපථය ඡායාරූප ගනිමින් සිටියේ ය පසුව වන්ගෙඩිගල පළවෙනි කෑම්පින් සයිට් එක වෙත දෙදෙනාම ගියේ හොඳ ඡායාරූපයක් සටහන් කරගැනීමටය ඔය අතර දිනේෂ් නිකමට වංගෙඩිගල ගල් තලාව දෙසට වන්නට විදුලි පන්දම් එළිය යොමු කරන්නට විය ඒ අවස්ථාවේ දෙදෙනාම නෙත ගැටුණේ අපේ torch එළියට සතෙකුගේ දිලිසෙන ඇස් දෙකකි මා පැවසුවේ“ ඒ අර අපිත් එක්ක හිටපු බල්ලා වෙන්න ඇති බං,, කියාගෙනය පසුව මා කොලයාගෙන් ටෝච්එක ඉල්ලාගෙන විදුලි පන්දම් එළිය අප සිටි පසුපසට වන්නට යොමුකරේ තව සද්දයක් ඇසුණ නිසාවෙනි ඒ අපගේ සුනඛ මිතුරා විය, ඒ විගස අර පෙර කි සතා වෙත ගිය අප දෙදෙනාම අප එන බව දැක එම සතා අතුරුදහන් විය අප දෙදෙනා ඉක්මනින් අහසේ ඡායාරූප ගෙන
නැවත ආවේ කොලයා( දිනේෂ්) -'' මල්ලි ඒ හාවෙක් උනානං උඹව දාල තමයි දුවන් එන්නේ” කියාගෙනය දෙදෙනාම සිනාසිසී කූඩාරම් වෙතට එන විට අලුයම 4 45 පමණට විය
ඒ වන විට අපගේ අනෙක් සහෝදර කණ්ඩායම වංගෙඩි කන්ද වෙත යාම සඳහා සූදානම් වෙමින් සිටියෙමු
ඒ ඉර සේවය නැරඹීම සඳහා ය මා ඔවුන්සමග එක්වී කැමරාව හා tripod එකද රැගෙන කතාබස් කර කර ආවේ මා හා කොළයා දුටු ඒ torch එළියට ඇස් දිලිසුණු සතා ගැනය, ඔවුන් ගෙනා වතුර ද මා සමග බෙදාගෙන ඔවුන් සමඟ පැය භාගයක කාලයකින් වංගෙඩි කන්ද මතට ආවේය. ඒ වනවිට හරියටම පාන්දර 5.24 පමණ වුනි
ඒ වන විට සෙල්සියස් අංශක දාසය කට පමණ උෂ්ණත්වයක්ය
ඔවුන් ගෙනා පාන්ද මා සමග බෙදාගෙන හිරු එළිය ටිකෙන් ටික එන විගසම මා කැමරාව අටවාගෙන ඡායාරූප හා වීඩියෝ ද කරන්නට විය අනෙක් සහෝදරයෝ ද ඔවුන්ගේ gopro කැමරාවෙන් ඡායාරූප ලබා ගනිමින් සිටියේය ඒ වන විට කන්දේ පහළට වන්නට වළාකුළු වලින් වට වී තිබුණේ අප මුහුද මැද දූපතක සිටිනවාක් වැනිය
ටික වේලාවකින් පසුව අප සිටි වංගෙඩි කන්දතැන සිට බලතුඩුව වෙතට ඇති අඩි පාර දිගේ ගියේ එකිනෙකා ඡායාරූප ගනිමිනි ඔය අතරතුර අපේ කූඩාරම් වල කම්මැලියෝ ටික අප සිටි ඉසව්වට ආවේය
සහෝදර කණ්ඩායමද අප ද සියලු දෙනා සිටින සමූහ ඡායාරූපයක් ද ගෙන ඉක්මනින්ම වංගෙඩි කන්දෙන් පිටත් වුණේ උදේ ආහාර ගැනීමට ය අනෙක් කණ්ඩායම වේලාසනින්ම වංගෙඩිල හා අපට සමු දී ගියේ බෙලිහුල්ඔය යාම සඳහාය ඔවුන් සමග අපගේ සුනඛ මිතුරාද යවන්නට උත්සාහ කරත් පලක් වූයේ නැත නැවත ඌ අප වෙත ආවේ ඔවුන්ගෙන් වෙන් වී ය ඔවුන් නැවත කන්ද බැස්සේ බඹරකන්ද ඇල්ල දිශාවෙනි ඔවුන් සමග සුනඛ මිතුරා යවන්න හේතු වූයේ අප පහළට යන්නේ අා මඟ ඔස්සේ නොවන නිසාවෙනි අප සියලු දෙනා පිරිසුදුවී සූදානම් වූයේ වංගෙඩිගල කන්ද ට සමුදී කළුපහන Double bridge එක වෙතට වැටී තිබූ පයිනස් ගස් වලට මැදිවූ මාර්ගයෙනි
ඔයා අතරමග හමුවන බුදු මැදුරට ද වැඳ පහළට ආවේය, පහළට වන්නට ඇති දොළ පහරින් නා පිරිසිදු වී පහළට ආවේ සුනඛ මිතුරා ද සමඟය ඔහුට ආ මඟ වෙනස් බව වැටහී නැවත වංගෙඩිගල කන්ද වෙත ගිය අපට ඉදිරියට හමුවූ ඉහලට යන තවත් කණ්ඩායම පසුපසය, ඔයා අතර කන්දට මැදිව ජීවත්වන නිවසක පාසල් යන මල්ලි කෙනෙකු අපට හමුවුනි අප ගෙනගිය ඉතිරි වූ නූඩ්ලස් පැකට් දිනේෂ් විසින් ඔහුට දීම අමතක නොවන කරුණක් විය
කළුපහන පාලම් දෙක අසලින් බසයෙන් නැඟ නැවත හපුතලේ නගරයේ කඩයකින් අහාර ගෙන හා එතන ඡායාරූප ගෙන නැවත ගෙදර ඒම සඳහා හපුතලේ දුම්රිය ස්ථානය වෙත ආවේ අපගේ චාරිකාව අවසන් වන බව දැන දුක්මුසු සිතිනි රාත්රී 8. 10ට පමණ පැමිණිය යුතු කොළඹ කොටුව වෙත යන රාත්රී තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයට ආවේ නමයත් පසුවී ය අප කොළඹට පසුදා උදේ 6.30 පමණ වන විට පැමිණ මාතර බලා යන දුම්රියෙ ආවේ නිවෙස් බලා යාමට ය අප සියලු දෙනා නිවෙස් වෙත ආවේ 2020.3.5 දින උදෑසන දහයට පමණටය.
අපේ කඳු නගින ජීවිතේ දෙවන චාරිකාව මෙසේ නිමාවිය👣
වංගෙඩිගල ...ඌව පළාතේ කළුපහන ග්රාමයට අයත් ඉතාමත් මනස්කාන්ත කඳු වැටියක් එයට නම් වැටී ඇත්තේ වංගෙඩියක් මුනින් අතට හරවා තැබූවක් මෙන් නිසා වෙනි බොහෝ සංචාරකයින් වංගෙඩිගල, වංගෙඩි කන්ද යන දෙකම එකම කන්ද විදිහට වැරදියට වටහා ගෙන ඇත වංගෙඩිගල යනු විශාල පරාසයක දර්ශනයක් දැක බලා ගත හැකි viewpoint එකක් වන අතර එයට වම් පැත්තේ පිහිටා ඇත්තේ වංගෙඩි කන්ද ය එය කිලෝමීටර් එකක වැනි දුරකින් පිහිටා ඇත වංගෙඩිගල මුදුනට ලගාවන විට
ඔබට පළමුවෙන්ම ඇස ගැටෙන්නේ සුන්දර බඹරකන්ද දියඇල්ල ඔබ තවත් විමසිලිමත්ව වමට වන්නට ලංකා ඇල්ල ඉහළ කොටසක වංගෙඩිගල කන්ද මුදුනේ සිට පෙනේ
වංගෙඩිගල කන්ද මුහුදු මට්ටමේ සිට 1360 m වේ ලංකාවෙ වංගෙඩිගල කන්ද ට හිමිවන්නේ උසින් 55 වන ස්ථානයයි.
ගොන්මොල්ලිය කඳු පන්තියේ වංගෙඩිගල සහ වංගෙඩි කන්ද පිහිටා ඇති මෙම කන්ද තරණයේ දී මුලින්ම බලතුඩුව ගොන්මෝලිය බෙරගල සමනලවැව නිරතදිග අන්තයට වන්නට ලෝකාන්තය හෝර්ටන් තැන්න ද මනා ලෙස දර්ශනය වේ ගොන්මොල්ලිය කන්දට හිමි වන්නේ 14 වැනි ස්ථානයයි මුහුදු මට්ටමේ සිට 2034 m වේ.
13 ස්ථානය වන්නේ නමුණුකුල, එය 2036 ක් මීටර් වේ ගොන්මොල්ලිය කන්ද තරණය සඳහා දින දෙකක ගමනක් උචිත බවයි සඳහන් වේ ගොන්මොල්ලිය කන්ද පාමුලට වන කඳවුරු ඉදි කර හැකියි බවයි ආරංචිය සුළං කාලෙට වංගෙඩි කන්ද අාශ්රිතව ඉතාමත් සුළඟ තද බැවින් සිට ගැනීමටද පවා අපහසු තරම් බව තොරතුරු ඇත ගොන්මොල්ලිය කඳු මුදුන සිට හෝර්ටන් තැන්න ලෝකාන්තය ඉතාමත් සමීපව පැහැදිලිව නෙත ගැටෙයි.
ලොව සුපතල කඳු නගින්නෙකු වන යුවොන් චොනර්ඩ් * මෙසේ ප්රකාශ කර ඇත'' හොඳම සංචාරයන් ගමන ආරම්භයේ දී ඔබට අසන්නට නොසිතූ ප්රශ්නවලට පිළිතුරු සපයය එහි සඳහන් වන්නේි කඳු තරණයක් පටන් ගත් පසු එම කන්ද තරණය කිරීමට පෙර සිටි පුද්ගලයා එම කඳෙහි ම මිය යනු ලබයි ඔබ නැවත කන්දෙන් බැස යන්නේ අත්දැකීම්වලින් පරිපූර්ණ වූත් සුන්දර වූත් රමණීය වූත් මතක වලින් යුක්ත මිනිසකු ලෙස ය , එය මා අත්විඳිය ,
මා දකින ජීවිතයේ ගෙවෙන සෑම තත්පරයක්ම හිතට එකගව විඳිය යුතුය ජීවිතය දෙස දකින්නේ එලෙසය
leave only your footprints
travel is make mind
ඇවිදින කඳවුරු ජීවිතයට ආයුෂ බොහෝ වේවා🙏
කොළයා Dinesh, නාරද Naveen, ප්රියා අයියා, ලේකම්තුමා දනුක
, විහඟ මල්ලි, මම Kelum,
අපගේ සහෝදර කණ්ඩායමේ නෙරුක, ප්රගීත් අනෙක් සහෝදර දෙදෙනා
2020.03.02 - 2020.03.05 👋⛰️💚