රාවණ.... නම ඇසූ පමණින් ඕනෑම කෙනෙක් දන්නවා මේ කියන්න යන්නේ, අතීත ලංකාවේ රජකම් කල මහා දැනුමකින් හා ගුප්ත හැකියාවන් රාශියකින් හෙබි සිව්හෙලේ යක්කයන්ගේ රජු රාවණයන්ගේ තවත් එක් නිර්මාණයක් ගැනයි. බොහෝ දෙනා අතර ප්රසිද්ධව ඇත්තේ රාවණ පුරාවෘත්තයට සම්බන්ධ වැදගත් ස්ථානයක් තමයි මේ නිල් දිය පොකුණ.
කරඳගොල්ලෙහි පිහිටා ඇති මෙය මෙරටින් දැනට සොයාගෙන ඇති විශාලතම භූගත ගල් ගුහාව වන අතර ගුහාව කෙළවර පිහිටා ඇති ඉතා පිරිසිදු වූත් නොසෙල්වෙන ජලයෙන් පිරුණු පොකුණත් නිසා මෙය තව දුරටත් විශේෂ ස්ථානයක් ලෙස ප්රසිද්ධ වී ඇත. ශෛලමය පටු විවර තුලින් හා දැවැන්ත ශාලාමය විවර තුලින් වැටී ඇති කුතුහලය පිරුණු අති දුෂ්කර ගමන් මාර්ගයෙහි විටින් විට හමුවන ඉතා ගැඹුරු මර්මස්ථානත් කෑලි කැපිය හැකි ඝන අඳුරත් නිසාවෙන් ගමනට තවදුරටත් ත්රාසය හා භීතිය එක්කරනු ලබයි.
ඉතා ප්රවේශමෙන් ආරක්ෂාකාරී ලෙස යා යුතු ගමනක් වන අතර, ඉතා සුළු අතපසු වීමක් වුවද මාරාන්තික විය හැක.සෑම අඩියක් පාසා අඩි ගණනක් පහතට වූ ප්රපාතයන්ගෙන් රාවණ උමඟ සමන්විත බැවින් උමගට පිවිසීමට පෙර සිටම විදුලි පන්දම් එලි මගින් ගමන් මග දෙපස නිරන්තරයෙන් එළිය කළ යුතු ය. ප්රභල ආලෝකයක් තිබීම මග ආලෝකමත් කිරීමට මෙන්ම ගුහාව ඇතුලත සුන්දරත්වයද රිසිසේ විදීමට පහසු කරවයි.
✍️ Copied:-Niranjala Kaushalya







0 Comments