හන්තාන කදු පන්තිය කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්, හන්තාන යාබදව පිහිටල තියෙන පේරාදෙණිය විශ්වවිද්යාලය ආශ්රිතව නිර්මාණය වෙච්ච බොහොමයක් සාහිත්ය නිර්මාණ වලට හන්තාන කඳුවල සුන්දරත්වය පාදක වෙලා තියනවා.ඉතින් නාගරික පරිසරයකට බොහොම ආසන්නව පිහිටලා තිබුනත් හන්තාන කඳු පන්තිය කියන්නේ අවම කඳු 7 කින් සමන්විත වෙනස්ම අත්දැකීමක් විඳගන්න පුලුවන් තැනක්.
මේ කදු වලින් උසම කන්ද විදිහට ඌරා කෙටු කන්ද ( ඌරාගල කන්ද ) අඩි 3800 සහ අවසාන වගේම අමාරැම කන්ද කටුසු කන්ද විදිහටත් හදුනාගන්න පුළුවන්.පුරාවෘත්ත ඌරාගල කන්ද වටා බැදුනු පුරාවෘත කිහිපයක්ම තියනවා, එකක් තමා කුවේණිය විසින් කළායැයි සැලකෙන දිවි දෝෂය සුවකිරිම සදහා කරන ලද කොහොඹා කංකාරිය සිදුකිරීමට මලය රජ (මලේ රජ්ජුරුවෝ ) රවටාගෙන ලංකාව පැමිණි ඌරු වෙස්ගත් රාහු හා මලය රජු හමූවුන ස්ථානය ( මලය රජ විසින් ඌරු වෙස්ගත් රාහුට කඩුවෙන් කෙටු ස්ථානය ) විදිහට හඳුන්වනු ලැබිම. ඒ වගේම කටුසු කන්දට එම නම වැටිල තියෙන්නේ කටුස්සෙකුගේ කොන්ද සේ පෙනෙන හැඩයකට තිබෙන ඉතා පටු කඳු මුහුණත නිසා..
ගමන් මඟ හන්තාන කදු පන්තියට ප්රවේශ මාර්ග ගණනාවක්ම තියනවා.එයින් බහුලවම භාවිතා වෙන්නේ
*හන්තාන හතර කණුව (4 Mile post) ලගින් පටන් ගන්න සන්නිවේදන කුළුණු හරහා යන මාර්ගය, *විජේරාම පන්සල හරහා යන මාර්ගය,
*අමායා හිල්ස් හෝටලය හරහා යන මාර්ගය *සරසවිගම හරහා යන මාර්ගය කියන කිහිපය තමා.
හන්තාන තරණය කිරිමට මාර්ග කිහිපයක් තිබුණත් ඌරාගල සහ කටුසුකොන්ද ප්රදේශ තරණය සදහා පහසුම මාර්ගය
මහනුවර ➡️ පේරාදෙණිය ➡️ සරසවිගම
මාර්ගය පෙන්වා දිය හැකිය.සරසවිගම බස් නවත්තපු තැනින් දකුනට තමා ඌරාගලට යන්න පාර තියෙන්නෙ. ලෑන්ඩ් මාර්ක් වන Tea Factory, ඉස්කොලේ ,කෝවිල,ලැයිම හොයන් යන්න ඕනි. පොදු ප්රවාහන සේවයේ පැමිණෙන අය සරසවිගම සිට පයින් ගමන් කල යුතු අතර...බයික් , ත්රීවීල් රත ලැයිම අසලටම ගමන් කර.එම ස්තානයේ නවතා තැබිය හැකිය.
*වැහි කාලයේ අධික කූඩලු ප්රහාර වලට නම් අනිවාර්යෙන්ම ලක්වෙන්න පුළුවන්.
*කුළු හරක්, දිවියන් වගේ සතුන් හමුවිමි වාර්තා වෙලා තියනවා, විශේෂයෙන්ම ඌරාගල ඉදන් කටුසු කන්ද දිහාවට දිවියන් හා කුළු හරක් ඉන්න නිසා අවධානයෙන් ගමන් කිරිම ඔබගේ ඇඟට ඉතාම ගුණ දායකයි.
* අවම වතුර ලිටර් 2ක් වත් රැගෙන යන්න
* කුඩලු ප්රතිකාර ( පැගිරි ස්ප්රේ,detol ස්ප්රේ,නිල් සබන්)
* අවම උදැසන 07ට වත් ගමන පටන්ගන්න පුලුවන් නම් පට්ට.
* වර්ෂාව කාලයේදි වේගවත් සුළං හා ඝණ මිදුම නිසා යම් තරමක අතරමං වීමේ අවදානමකුත් නැතුවාම නෙවේ.
* සමහර ස්තාන වල අංශක 90 අංශක 70ක දල බෑවුමක් තරනය කිරීමට සිදුවන අවස්තා ඇති අතර වර්ශා,අදික සුලග ඇති දිනයන්හි ඉතාමත් ප්රවේශම් වන්න.